මෙවර මහ මැතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳුදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා.
2024 වසරට අදාළ මහ මැතිවරණය ලබන 14 වන දින පැවැත්වීමට නියමිත වන අතර ඒ අනූව මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ඇත්තේ තවත් දින 5ක කාලයක් පමණයි.
මේ අතර මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (07) සහ හෙට (08) යන දෙදින තුළ සිදුකිරීමට නියමිතයි.
ඔක්තෝබර් 30 සහ නොවැම්බර් 01 සහ 04 යන දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වු ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල ඡන්ද දායකයින්ට අද දිනයේදී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කලා..
මේ අතර ඉදිරි මහ මැතිවරණයට අදාළව ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කලා.
“නිහඬ කාලය ඇරඹෙනවා 11 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 සිට. ඒ කාලයේ කිසිදු ප්‍රචාරණ කටයුත්තක් නොකළ යුතුයි. ඒ වගේම සියලුම අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා අපේක්ෂකයින්ගේ පවුලේ අයට ඡන්ද ආයාචනා කිරීමේ හැකියාවක් නෑ. ගෙයින් ගෙට යන්න බෑ. මෙය නීතිවිරෝධී ක්‍රියාවක්.
ප්‍රචාරණය සඳහා ආගමික ස්ථාන සහ ආගමික පුජකවරුන් හා ඔවුන්ගේ ආගමික කටයුතු භාවිත කළ නොහැකියි. පිරිත් නූල් ගැටගසන ආකාරයේ ඡායාරූප අරගෙන ප්රචාරක කටයුතු කරන්න එපා. එවැනි පහත් තත්ත්වයට වැටෙන්න එපා.”
හම්බන්තොට දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා. සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට…
මාතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා. ජාතික ජන බලවේගය 1 සුනිල් හඳුන්නෙත්ති…
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 160කට වැඩි සංඛ්‍යාවක් ලැබෙනු ඇතැයි එම පක්ෂයේ සාමාජික වසන්ත සමරසිංහ…
2024 මහමැතිවරණයෙන් මේ දක්වා නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගැනීමට ජාතික ජන…
2024 මහමැතිවරණයේ රත්නපුර තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා. ජාතික ජනබලවේගය 24776 සමගි…
2024 මහමැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා. ජාතික ජනබලවේගය 32,296…