ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මිට්සුබිෂි මොන්ටේරෝ වර්ගයේ සුඛෝපභෝගී ජීප්රියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් එම සැකකරු දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා.
තෙල්දෙණිය කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් අමරසිංහගේ උපදෙස් පරිදි එම සුඛෝපභෝගී ජීප් රිය අත්අඩංගුවට ගෙන තිබේ.
දේවගැතිවරයාට අයත් බව කියන එම සීපී ජේආර් 5556 අංකය සඳහන් ජීප් රිය සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකට අනුව එම අංකයට ලියාපදිංචි කළ තවත් මොන්ටේරෝ වර්ගයේ සුඛෝපභෝගී ජීප් රියක් කුලියාපිටිය ප්‍රදේශයේ තිබෙන බවට අනාවරණය වීමෙන් පසු එහි නීත්‍යානුකූල හිමිකරුගෙන් විමර්ශන නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ගල්තැන්නේ ව්‍යාජ අංක තහඩු සහිත සුඛෝපභෝගී ජීප් රිය තෙල්දෙණිය කොට්ඨාශ අපරාධ විමර්ශන නිලධාරීන් බාරයට ගෙන තිබේ .
මෙම දේව ගැතිවරයාගේ ගාල්තැන්නේ පිහිටි වාහන අංගනයේ සැක කටයුතු වාහන දොළහක් පමණ තිබෙන බව පවසන පොලිසිය ඩිෆන්ඩර් රථ, මොන්ටේරෝ වර්ගයේ ජීප් රථ. කාර් රථ ඇතුළු වාහන ගණනාවක් ඇති බවද පොලිසිය කියයි.
එම වාහන වල චැසි අංක සහ එන්ජින් අංක වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කොමසාරිස් කාර්යාලයට ලබා දී ඇති බවද පොලිසිය පවසයි.