වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට රජය නීති සම්පාදනය කර එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese පවසා තිබෙනවා.
මෙය තම දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත්වන දෙමව්පියන් වෙනුවෙන් ගන්නා තීරණයක් බවත්, සමාජ මාධ්‍ය ළමයින්ට කරන හානිය අවම කිරීම සඳහා මෙම තීරණය ගන්නා බවත් බොහෝ තොරතුරු තවමත් විවාදයට ලක්ව නොමැති බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
අධික සමාජ මාධ්‍ය භාවිතයෙන් දරුවන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යයට ඇති අවදානම, විශේෂයෙන්ම ශරීර රූපය හානිකර ලෙස නිරූපණය කිරීමෙන් ගැහැණු ළමයින්ට ඇති අවදානම සහ පිරිමි ළමයින් ඉලක්ක කරගත් ස්ත්‍රී ද්‍රෝහී අන්තර්ගතයන් උපුටා දක්වමින් අගමැතිවරයා මෙම නව තීරණය පිළිබඳ ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්.
මෙම සමාජ මාධ්‍ය ජාලා තහනම් කිරීම වෙනුවෙන් පියවර ගන්නා පළමු රට ඔස්ට්‍රේලියාව වනු ඇති බවත්, මේ වනවිට සමාජ ජාල භාවිත කරන තරුණයින්ට මෙම තහනම අදාළ නොවන බවත් ඔහු පවසා තිබෙනවා.
ලබන වසර අවසානයේ දී බලාත්මක විය හැකි තහනම අනුව සමාජ මාධ්‍ය වේදිකා වෙත ළමයින්ට ප්‍රවේශ වීම අවහිර කිරීමට සහාය වීම සඳහා වයස තහවුරු කිරීමේ ක්‍රමයක් ඔස්ට්‍රේලියාව අත්හදා බලන බව සඳහන්.
2024 මහමැතිවරණයේ රත්නපුර තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා. ජාතික ජනබලවේගය 24776 සමගි…
2024 මහමැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා. ජාතික ජනබලවේගය 32,296…
මැතිවරණ රාජකාරි සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු සහ වෙනත් සිවිල් නිලධාරීන් දෙදෙනකු හදිසි රෝගාබාධ තත්වයන්…
වවුනියාවේ වෙලිකුලම විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය විමසන ලද මුල් පැය දෙක ඇතුළතදී ඡන්ද…
දඹානේ ආදිවාසී ප්‍රජාව පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීම වර්ජනය කර තිබේ. මේ අතර තමන්ගේ…
දුම්රිය රියදුරන් සහ රිය සහයකයන් නොමැති වීම හේතුවෙන් අද දින ධාවනය වීමට නියමිතය තිබූ දුම්රිය…