Political

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා වාර්ෂික වියදම රුපියල් මිලියන 1,100ක් !

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්‍ෂාව අඩුකර ඇති බවට මෑතක ඇතැම් පාර්ශව පළකර ඇති ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවත්, මෙතෙක් එවැනි පියවරක් ගෙන නොමැති බවත් විජිත හේරත් පවසනවා.

රජය මේ සම්බන්ධයෙන් සාධාරණව සළකා බලා තීරණයක් ගන්නා බවත්, හිටපු රාජ්‍ය නායකයන්ට අවශ්‍ය ආරක්ෂක තොරතුරු පමණක් ලබාදෙන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය හේරත් කියා සිටියේ මේ සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත්කර ඇති බවත්, වාර්තාවක් ලැබුණු පසු කැබිනට් මණ්ඩලය මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත්ය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ආරක්‍ෂාව අඩුකර ඇති බවට පසුගියදා කළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය හේරත් කියාසිටියේ, එවැනි තීරණයක් ගෙන නොමැති බවත් ඇයගේ ප්‍රකාශ අසත්‍ය බවත්ය.

මේ වන විට 57 දෙනකුගෙන් යුත් ආරක්ෂක ඛණ්ඩයක් ඇයට සපයා ඇති බව ඔහු අනාවරණය කළේය.

හිටපු ජනාධිපතිවරුන්ට ආරක්ෂක නිලධාරීන් 100කට අධික සංඛ්‍යාවක් මෙන්ම විවිධ වාහන සහ ගිලන්රථද ලබාදී ඇති බවද රජයේ ප්‍රකාශකවරයා පෙන්වාදුන්නේය.

හිටපු ජනාධිපතිවරුන්ට පොලිස් ආරක්ෂාව ලබාදීම සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 1,100ක් වැයකරන බවත්, එම ප්‍රතිපාදන ප්‍රමාණය පොලිස් රෝහලට වාර්ෂිකව වෙන්කරන ප්‍රතිපාදන ප්‍රමාණයට වඩා වැඩි බවද ඇමැතිවරයා පෙන්වාදුන්නේය.

කෙසේවෙතත් හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති ආරක්‍ෂාව වෙනස්විය යුතු බව රජයේ අදහස බව අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් සඳහන් කළේය.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

5 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago