ඌරන් ප්‍රවාහනයට පනවා තිබූ නීති ලිහිල් කරමින් නව ගැසට් නිවේදනයක් !

228 Views
2 Min Read

අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය හේතුවෙන් මෙරට ඌරු ගොවිපළ වෙත සහ ඌරන් ප්‍රවාහනය සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ පනවා තිබූ නීති ලිහිල් කර තිබෙනවා.

ඒ අනූව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නව ගැසට් නිවේදනයක් නිකුත් කරමින් නව නීති සම්පාදනය කර ඇති බව වාර්තා වනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල සඳහන් කළේ, ඒ අනුව නිරෝගී සතුන් ප්‍රවාහන කිරීම සඳහා අවසර ලබා දී ඇති බවය.

“ක්ෂේත්‍රයේ පැවැත්මට සහ වර්තමානයට අනුව මේ සතිය වෙද්දි ව්‍යාප්තියේ යම් යම් අඩුවීම් වෙලා තියෙනවා. කර්මාන්තයත් රැක ගන්න ඕනේ නිසා. අපි ගැසට්ටුව යම් කාරණා සම්බන්ධයෙන් ලිහිල් කරලා තවත් ගැසට්ටුවක් අලුතින් නිකුත් කළා. නොවැම්බර් 4 වැනිදා සිට නැවත දැනුම්දෙන තුරු එම ගැසට් පත්‍රය බලාත්මකයි. ඒ ගැසට්ටුව අනුව අපි කලින් කිව්වේ සතුන් ප්‍රවාහනය බැහැමයි කියලා. නමුත් අලුත් ගැසට්ටුව මඟින් නිරෝගි ගොවිපොළවල ඇති කරන ආසාධනය නොවූ සතුන් පශු වෛද්‍යවරයෙකුගේ සත්ත්ව සෞඛ්‍ය වාර්තාවක් මත ප්‍රවාහනය කිරීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම ඒ සතුන් ඝාතනය කළ හැක්කේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පළාත් කාර්යාලයේ ලියාපදිංචි වුණු සම්මත ආකාරයට පවත්වාගෙන යන ඝාතකාගාරවල පමණි. බලයලත් නිලධාරියෙක් සහතික කරලා තමා ඒ සඳහා ලියාපදිංචිය ලබාදෙන්නේ. ඒ අනුව ඝාතකාගාර, එයින් එළියට යන මස් ගබඩා කරන ශීතකරණ ලියාපදිංචි කළ යුතුයි. ඒ වගේම එයින් එළියට යන මස් සකස් කරන්නත් අවසර දීලා තියෙනවා. සකස් කරන මස් විකුණන්න වගේම නියමාකාරයෙන් ආසාධනය නොවූ සතුන්ගේ මස් භෝජනාගාරවල විකුණන්නත් මේ ගැසට්ටුවෙන් අවසර ලබාදී තිබෙනවා යැයි ද ඇය සඳහන් කළාය.

Share This Article
Leave a comment