ඇමරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත් වෙයි !

647 Views
1 Min Read

අමෙරිකා එක්සත් ජනපදයේ 47 වන ජනාධිපතිවරයා ලෙස රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත් වී තිබෙනවා.

ඇමෙරිකාවේ ෆොක්ස් පුවත් සේවය වාර්තා කර ඇත්තේ, දැනටමත් මැතිවරණ විද්‍යාල 277ක් ඔහු ජයග්‍රහණය කර ඇති බව ය.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වූ ඩිමොක්‍රොටික් පක්ෂ අපේක්ෂක කමලා හැරිස් දිනා ඇත්තේ ඡන්ද විද්‍යාල නියෝජිතයින් 226ක් බවද වාර්තා වනවා.

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සිට සජීවීව සිය පාක්ෂිකයින් අමතමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, තමන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ඇති බව ය. ඒ අනූව ඇමරිකා එක්සත් ජනපදයේ ‘ස්වර්ණමය යුගයට’ තමන් නායකත්වය දෙන බව ඔහු තවදුරටත් සඳහන් කල අතර තමන් වෙනුවෙන් ඡන්දය දුන් සියලු ම ඇමෙරිකානුවන්ට ඔහු ස්තුතිය පළ කළේ ය.

ඒ අනුව, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තිය 2025 ජනවාරි 20 සඳුදා එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිලි සංකීර්ණ ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිත ය.

Share This Article
Leave a comment