හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ බරපතළ වැඩසහිත වසර 04ක සිරදඬුවම තහවුරු කරයි !

1.3k Views
1 Min Read

හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්න රැකියාවක් ලබාදීම සඳහා කාන්තාවකගෙන් රුපියල් 50,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වී තිබුණා.  

අදාළ දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ශාන්ත ප්‍රේමරත්න විසින් අභියාචනයක් ඉදිරිපත් කල අතර එහි තීන්දුව මේ වන විට ලබා දී තිබෙනවා.

ඔහු විසින් ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කරමින් සම්පත් අබේකෝන් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇති පරිදි හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්නට කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබූ බරපතළ වැඩසහිත වසර 04ක සිරදඬුවම අභියාචනාධිකරණය විසින් තහවුරු කර තිබෙනවා. 

Share This Article
Leave a comment