Local

ලංකා බැංකුවේ සභාපති ධූරය සිටි බැංකුවේ හිටපු අධ්‍යක්ෂකට !

වසර 30කට වැඩි ක්ෂේත්‍රයේ පළපුරුද්දක් සහ වසර 25ක කළමනාකාරීත්වයේ පළපුරුද්ධක් සහිත වෘත්තීය බැංකුකරුවකු වන කාවින්ද ද සොයිසා  2024 නොවැම්බර් 04 වන දින සිට ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.

ඔහු ඉතා මෑතක දී ශ්‍රී ලංකාවේ සිටිබෑන්ක් එන්.ඒ.(Citibank) හි අධ්‍යක්ෂ සහ මෙරට ව්‍යාපාර ප්‍රධානී ලෙස සේවය කර තිබෙනවා.

Citibank හා සම්බන්ධ වීමට ප්‍රථම ඔහු NDB බැංකුව, Nations Trust බැංකුව සහ Seylan බැංකුව යන ආයතනවල සේවය කර ඇති අතර දැනට, ඔහු CIMA U.K හි ගෝලීය කවුන්සිලයේ සාමාජිකයකු ලෙස සේවය කරනවා.

ඔහු ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ප්‍රධාන පරීක්ෂක, උපපරිපාලක සහ උපදේශක වූ අතර කොළඹ විශ්ව විද්‍යාලයේ සහ රුහුණු විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස අඛණ්ඩව කටයුතු කර තිබෙනවා.

ඔහු ශ්‍රී ලංකාවේ ඇමරිකානු වාණිජ මණ්ඩලයේ (AmCham) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ද වනවා.

ඒ අනූව කාවින්ද ද සොයිසා මහතාගේ පත්වීම ලංකා බැංකුවට නායකත්වය සැපයීම සහ උපාය මාර්ගිකව ලංකා බැංකුව සංවර්ධනය කරා ගෙනයාම අපේක්ෂා කෙරේ.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

3 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

3 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago