වසර 30කට වැඩි ක්ෂේත්‍රයේ පළපුරුද්දක් සහ වසර 25ක කළමනාකාරීත්වයේ පළපුරුද්ධක් සහිත වෘත්තීය බැංකුකරුවකු වන කාවින්ද ද සොයිසා 2024 නොවැම්බර් 04 වන දින සිට ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.
ඔහු ඉතා මෑතක දී ශ්‍රී ලංකාවේ සිටිබෑන්ක් එන්.ඒ.(Citibank) හි අධ්‍යක්ෂ සහ මෙරට ව්‍යාපාර ප්‍රධානී ලෙස සේවය කර තිබෙනවා.
Citibank හා සම්බන්ධ වීමට ප්‍රථම ඔහු NDB බැංකුව, Nations Trust බැංකුව සහ Seylan බැංකුව යන ආයතනවල සේවය කර ඇති අතර දැනට, ඔහු CIMA U.K හි ගෝලීය කවුන්සිලයේ සාමාජිකයකු ලෙස සේවය කරනවා.
ඔහු ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ප්‍රධාන පරීක්ෂක, උපපරිපාලක සහ උපදේශක වූ අතර කොළඹ විශ්ව විද්‍යාලයේ සහ රුහුණු විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස අඛණ්ඩව කටයුතු කර තිබෙනවා.
ඔහු ශ්‍රී ලංකාවේ ඇමරිකානු වාණිජ මණ්ඩලයේ (AmCham) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ද වනවා.
ඒ අනූව කාවින්ද ද සොයිසා මහතාගේ පත්වීම ලංකා බැංකුවට නායකත්වය සැපයීම සහ උපාය මාර්ගිකව ලංකා බැංකුව සංවර්ධනය කරා ගෙනයාම අපේක්ෂා කෙරේ.