හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ප්‍රශ්නගත බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථයක් එකලස් කිරීමේ සිද්ධියට අදාලව තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කර තිබෙනවා.
ලියාපදිංචි නොකළ මෙම සුඛෝපභෝගි මෝටර් රථයක් සැකකාර හිටපු අමාත්‍යවරයා වෙත ගෙන ගොස් දී ඇත්තේ මොහු බවටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ. ඔහු අදාළ මෝටර් රථය එකලස් කළ බවට පැවසෙන පුද්ගලයාගේ ඥාතියෙක් වන බව වාර්තා වනවා. මොහු ඊයේ කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුලු තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හරිනු ලැබුවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…