රජයට අයවිය යුතු රුපියල් කෝටි තුනකට අධික වැට් බදු නොගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායකට සහ ඔහුගේ බිරිඳට ලබන දෙසැම්බර් මස 10 වනදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස දන්වමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ විසින් ඊයේ (04) සිතාසි නිකුත් කර තිබෙනවා.
කිරුළපන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පරිගණක සේවා සැපයීමේ ආයතනයක් වෙනුවෙන් මෙලෙස බදු ගෙවීම පැහැරහැර ඇති බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා.
ඔවුන් 2016, 2017, 2018 යන වර්ෂ තුන සඳහා හිඟ බදු මුදල් වශයෙන් රුපියල් 31,846,248.24ක් හා හිඟ ආදායම් බදු මුදල් වශයෙන් රුපියල් 1,851,658.37ක මුදලක් රජයට නොගෙවා පැහැරහැර ඇති බව සඳහන්.
ජනක රත්නායක හා ඔහුගේ බිරිඳ වන කුමාරි යසෝදා සිල්වා යන දෙදෙනාට මීට පෙර අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස නියෝග කර තිබුණා.
කෙසේ වෙතත් එම අවස්ථාවේ ඔවුන් නොපැමිණ, ඒ වෙනුවට ආයතනයේ අධ්‍යක්ෂවරයෙක් ඉදිරිපත් කර තිබු බව සඳහන්.
මෙම සිද්ධියේ වගඋත්තරකරුවන් වන ජනක රත්නායක මහතා සහ ඔහුගේ බිරිඳට මෙවර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා අධිකරණයෙන් ඉල්ලීමක් කළේ.
ඒ අනුව එම ඉල්ලීම සළකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙවර ඔවුන් දෙදෙනාට අධිකරණයේ පෙනීසිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…