Weather

අදත් හවසට ගිගුරුම් සහිත වැසි !

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බස්නාහිර සහ දකුණු පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි ඇතිවිය හැකියි.

මධ්‍යම, සබරගමුව, උතුරුමැද, ඌව පළාත්වල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා වාර්ෂික වියදම රුපියල් මිලියන 1,100ක් !

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්‍ෂාව අඩුකර ඇති බවට මෑතක ඇතැම් පාර්ශව පළකර ඇති ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවත්,…

5 hours ago

විවාහ පනත සංශෝධනය වනවාද ? – අමාත්‍ය විජිත පැහැදිලි කරයි !

මුස්ලිම් විවාහ පනත සංශෝධනය කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් එවැනි අවශ්‍යතාවයක් මෙතෙක් මතුව…

6 hours ago

නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කරයි !

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින සහ පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා චරිත්…

8 hours ago

ඇමරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත් වෙයි !

අමෙරිකා එක්සත් ජනපදයේ 47 වන ජනාධිපතිවරයා ලෙස රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත් වී තිබෙනවා.…

9 hours ago

වෛද්‍ය සාෆී සියලු චෝදනාවලින් නිදහස් !

විශේෂඥ වෛද්‍ය සාෆී ශාබ්දීන් සියලු චෝදනා වලින් නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා . 2019…

12 hours ago

ගෝල් ෆේස් පිටිය ගැන ගත් තීරණය මෙන්න !

ගෝල් ෆේස් පිටිය විවිධ සාමාජ ක්‍රියාකාරකම් සඳහා ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක…

12 hours ago