විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට දිනයක් 06 වනදා සිට මාර්ගගත ලෙස (Online) වෙන් කරවා ගත හැකි බව වැඩ බලන ආගමන විගමන පාලක නිලූෂා බාලසූරිය පවසනවා.
ඒ අනුව නොවැම්බර් මාසේ 6 වැනිදායින් පසුව දිනයක් වෙන් කරවා ගැනීමේ අපේක්ෂාවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් වළකින ලෙසයි අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කළේ.
මේ වන විට නොවැම්බර් මාසේ අග දක්වා දින වෙන්කර අවසන් බවත් දෙසැම්බර් මාසයේ මුල සිට දිනයක් වෙන් කර ගැනීමේ අවස්ථාව මේ හරහා ලබාදී ඇති බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.