වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇතිබව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත වීරසිංහ මහතා පැවසීය.
ඒ අංක තහඩු මුද්‍රණය කරන සමාගමට මුදල් ගෙවීම ප්‍රමාද වීම හේතුවෙනි.
අදාළ ගෙවීම් සඳහා කඩිනමින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට නියමිතයි.
එම කටයුතු ලබන සතිය වන විට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.
අංක තහඩු නිකුත් නොකිරීම සම්බන්ධයෙන් ලිපියක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බව කොමසාරිස් ජෙනරාල්වරයා පැවසීය.
එම කාලසීමාව තුළ පත්‍රිකාවක මුද්‍රණය කොට ලියාපදිංචි වාහන අංකය ප්‍රදර්ශනය කිරීමට වාහන හිමිකරුවන්ට තාවකාලික අවසරයක් දී ඇතිබව වැඩිදුරටත් පැවසීය.
වාහන අංක තහඩු නිකුත් කිරීම නවත්වයි – සමාගමට මුදල් ගෙවා නෑ!
Leave a comment
Leave a comment