හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරු කර තිබෙනවා.
හදිසියේ හටගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙලෙස ජාතික රෝහලට ඇතුළත් කළ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක පවසා සිටියේ.
එමෙන්ම හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ බන්ධනාගාර භාර හිටපු රාජ්‍ය අමාත්‍යවරයා බැවින් අධිකරණ නියෝගයන්ට අනුව ඔහුට විශේෂ ආරක්ෂාවක් ලබාදීමටද පසුගියදා තීරණය කරනු ලැබුවා.
නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර – කටුගස්තොට ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී පෙරේදා අත්අඩංගුවට ගත් මොහු මිරිහාන පොලිසිය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් සංජය ලක්මාල් හමුවට ඉදිරිපත් කර මේ මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
උං ඔක්කොම යාලුවො