දුන්හිඳ බස් අනතුරින් තුවාල ලැබූ සිසුවෙක් රෝහලෙන් පලා යයි!

1.2k Views
2 Min Read

ඊයේ දිනයේ බදුල්ල දුන්හිඳ ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි සරසවි සිසුවෙකු රෝහලෙන් පලා ගොස් ඇත.

බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි මෙම සිසුවා ඊයේ පස්වරුවේ මෙසේ මෙසේ පළා ගොස් තිබේ.

විසි හතර හැවිරිදි ඔහු ජාඇල ඇලෙක්සැන්ඩර් මාවතේ පදිංචිකරුවෙක් බව පොලිසිය සඳහන් කරයි.

අනතුරට හේතුව ගැන පොලිසියෙන් අනාවරණයක්

බදුල්ල – මහියංගණය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ ප්‍රවේශ මාර්ගයට නුදුරින් වූ අඹගහඔය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, බස් රථයේ රියැදුරාට බස් රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් වංගුවක් අසලදී බසය පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුවගෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ඔහු පැවසුවේ, බස් රථය පැදවූ රියැදුරුගෙන් මෙතෙක් ප්‍රකාශයක් ලබාගෙන නොමැති බව ය.

අනතුරෙන් මියගොස් ඇත්තේ, 23 හැවිරිදි නිවිතිගල සහ කුරුණෑගල ප්‍රදේශවල පදිංචි උපාධි අපේක්ෂිකාවන් දෙදෙනෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

‘දැඩි සත්කාර ඒකකයේ 6 දෙනෙක්’

බස් රථ අනතුරෙන් තුවාල ලැබූ පිරිස ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුනේ බදුල්ල ශික්ෂණ රෝහලට ය.

අ​ප කළ විමසීමකදී බදුල්ල ශික්ෂණ රෝහලේ, හදිසි වෛද්‍ය ප්‍රතිකාර අංශයේ වෛද්‍ය පාලිත රාජපක්ෂ පැවසුවේ, මේ වන විට අනතුරෙන් තුවාල ලැවූ පුද්ගලයින් 6 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව ය.

ඔක්කොම තුවාල ලැබූ අය 41 දෙනෙක් රෝහලට ගෙනාවා. ඒ ගේන කොට දෙන්නෙක් මිය ගිහින් තිබුණේ. ගෙනාව තුවාලකරුවන්ගෙන් 6 දෙනෙක් මේ වෙනකොට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. ඔවුන්ට අවශ්‍ය ශල්‍යකර්ම ඇතුළු අවශ්‍ය ප්‍රතිකාර සියල්ල ම කරලා තියෙන්නේ.

ඒ වගේ ම අනෙක් තුවාලකරුවන් රෝහලේ සාමාන්‍ය වාට්ටුවල ප්‍රතිකාර ලබමින් ඉන්නවා. ඇතුළත් කරපු රෝගීන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම යුද්ධ හමුදාවෙන් සිදුකරනවා.

ඒ වගේ ම තුවාල ලබපු අයගෙන් පිරිසක් කොළඹට රැගෙන යන්න සූදානම් කරන්න බලනවා. හැබැයි ඒක බොහොම ප්‍රවේශමෙන් කරන්න ඕන දෙයක්,” වෛද්‍ය පාලිත රාජපක්ෂ පැවසීය.

Share This Article
Leave a comment