හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් යැයි සැක කරන අංක තහඩු නොමැති තවත් වාහනයක් පන්නිපිටිට ලියනගොඩ වාහන අංගනයක නවතා ඇති බවට වන තොරතුරක් මත එය පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පන්නිපිටිය සම්පත් ඔටෝ ඉන්ජිනියරින් ආයතනයේ මෙම වාහනය නවතා ඇති බවට ලද තොරතුරකට අනූව ඒ පිළිබඳ පොලිසිය සිදු කල පරීක්ෂණකදී Ford Lazer වර්ගයට අයත් එම අංක තහඩු නොමැති වාහනය සොයාගෙන තිබුණා.
ආයතන හිමිකරුවන්ගෙන් කල ප්‍රශ්ණ කිරීම් වලදී ඔවුන් පවසා ඇත්තේ ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් රියදුරු මහතෙකු විසින් මෙම වාහනය කාර්මික දෝෂයක් ඇති බව පවසා මෙම වාහනය එම අංගනයේ දමා ගිය බවයි.
එහි අංක තහඩු ගැන ආයතන හිමිකරුවන්ගෙන් ප්‍රශ්ණ කල අවස්තාවේදී ඔවුන් පොලිසියට පවසා ඇත්තේ කඩදාසි කොළයක KM – 5421 ලෙස සටහන් කරන ලද අංකයක් එහි අංක තහඩු පුවරුවේ එල්ලා තිබුණු බවයි.
කෙසේවෙතත් මෙම වාහනය වැඩිදුර පරීක්ෂණ සඳහා චැසි අංක සහ එන්ජින් අංක පිලිබඳ විමසා බැලීමට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…