මෙවර හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ (Hong Kong Sixes 2024) අපරාජිතව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (02) සමත්විය.
ඒ, තුන්වැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී නේපාලය ලකුණු 40කින් පරාජය කරමිනි.
තරගයේ කාසියේ වාසිය නේපාලය දිනාගත් අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වේගවත් ආරම්භයක් ලබා ගත්තේය. ඒ පළමු පන්දුවාර 3ට ලකුණු 58ක් රැස් කරමිනි.
සඳුන් වීරක්කොඩි පන්දු 14කදී ලකුණු 50ක් රැස් කළ අතර ඔහුගේ ඉනිම හයේ පහර 5කින් සහ හතරේ පහර 4කින් වර්ණවත් වුණි.
නායක ලහිරු මධුසංඛ පන්දු 8කදී නොදැවී ලකුණු 31ක් රැස් කළ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ එක් හතරේ පහරක් ඇතුළත්ය.
ලහිරු සමරකොන් පන්දු 5කදී ලකුණු 22ක් රැස් කිරීමට සමත්වුණි. ඔහුගේ ඉනිම හයේ පහර 3කින් සහ හතරේ පහරකින් වර්ණවත් වුණි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 6දී කඩුලු 2ක් පමණක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 123කි.
ලකුණු 124ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නේපාල කණ්ඩායමේ මුල් කඩුලු 3 ලකුණු 18කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුණි.
ඒ අනුව නේපාල කණ්ඩායමට පන්දුවාර 3යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 83ක් පමණි.
පන්දු යැවීමේදී ලහිරු සමරකෝන් සහ තරිඳු රත්නායක කඩුලු 2 බැගින් දවා ගත් අතර ධනංජය ලක්ෂාන් කඩුල්ලක් දවා ගත්තේය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…