පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ මෙහෙයුම් අංශ තුනේහි නිලධාරි කණ්ඩායමක් විසින් සෙවනගල නුගේගලයාය, කිරිවැව ප්‍රදේශයේදී වැටලීමකදී කෝටි 200කට අසන්න වටිනාකමකින් යුත් හෙරෝයින් කිලෝ 54කට ආසන්න ප්‍රමාණයක් සමඟ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහි දී නිවසක් ඉදිරිපිට මිදුලේ වළ දමා තිබියදී සොයාගත් ප්ලාස්ටික් බහාලුම් තුනක් තුළ සුක්ෂමව සඟවා තිබූ හෙරෝයින් කිලෝ 53යි ග්‍රෑම් 65ක් සමඟ එම නිවසේ පදිංචි අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.
සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය පසුගිය සම 30 වනදා පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරින් විසින් පිළියන්දල ප්‍රදේශයේදී හෙරොයින් සමඟින් අත්අඩංගුවට ගත් ඕමල්පගේ ධම්මික සමන්කුමාර ගේ සහෝදරිය බවට වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වු බව සඳහන්ය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…