Local

අකුණු සැර වැදී සිසුවියක් මිය යයි – අසල සිටි සහෝදරයාටත් අසාධ්‍යයි !

පස්සර අඹතැන්න ගම්මානයේ පැල්පත් නිවසක් අසළ භුමියක ගෙපලක් කපමින් සිටියදී අකුණු සැර වැදීමෙන් පාසල් සිසුවියක මියගොස් තවත් සිසුවෙකු බරපතල තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ, පස්සර මධ්‍ය මහ විදුහලේ 6 වන වසරේ ඉගෙනුම ලබමින් සිටි ඔබේසේකර මුදියන්සේලාගේ තිලක්ෂි මධුශිකා (11) නැමති සිසුවිය වන අතර ඇයගේ 16 හැවිරිදි වැඩිමහල් සහෝදරයා බරපතල තුවාල ලබා පස්සර දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව බදුල්ල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබේ.

මියගිය සහ තුවාල ලැබූ එකම පවුලේ දරුවන් දෙදෙනා තම දෙමාපියන් දෙදෙනා සමග තම පැල්පත් නිවස වෙනුවට නව නිවසක් ඉදිකර ගැනීමට ගෙපලක් කැපීමට උදව් කරමින් සිටියදී වැහි අදුරත් සමග එක්වරම පතිත වූ අකුණු පහරක් වැදී ඇතැයි ද පොලිසිය සදහන් කළේය.

මින් මව පියා කිසිදු තුවාලයක් නොලබා බේරි ඇති බවත් පොලිසිය පැවසීය.

බදුල්ල ‌දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල සහ ජේෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත පස්සර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago