සූකර උණ වසංගතය සමග කුකුළු මස් මාෆියාවක් ගැනත් තොරතුරු හෙළි වෙයි !

1.1k Views
1 Min Read

සූකර උණ හේතුවෙන් වෙළඳපොළේ සූකර මාංශ වල හිඟයට මුවා වී ළඟ එන උත්සව සමයේදී කුකුළු මස් මිල ඉහළ දැමීමේ සැලැස්මක් හැන පාරිභෝගික අධිකාරියට තොරතුරු ලැබී තිබෙනවා.

දැනටමත් කුකුළු මස් මිල රුපියල් දහසේ සිට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළ දමා ඇති බව පාරිභෝගිකයෝ මැසවිලි නගන බව පාරිභෝගික අධිකාරිය දැනුම් දෙනවා.

මේ පිළිබඳව පාරිභෝගික අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් සඳහන් කලේ සූකර උණ වසංගතය හේතුවෙන් කුකුල් මස් මාෆියාවක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් ඇතැම් කුකුළු ගොවිපළ හිමියන් මිල ඉහළ දැමීම සඳහා කුකුළු මස් ශීතකරණවල ගබඩාකර තබා ගන්නා බවට තොරතුරු ලැබී ඇති බවත් ය.

කුකුළු මස් මිල ඉහළ දමා පාරිභෝගිකයන් ගසාකන කෑම නතර කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා හෙට (01දා) කුකුල් ගොවිපළ සංගම් නියෝජිතයන් පිරිසක් පාරිභෝගික අධිකාරියට කැඳවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Share This Article
Leave a comment