ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL 2025) වාරයට පෙරාතුව, චෙන්නායි සුපර් කිංග්ස් (CSK) කණ්ඩායම විසින් ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඉන්දීය රුපියල් කෝටි 13 කට හෙවත් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.56 කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 45කට පමණ) සමාන මුදලකට තවදුරටත් කණ්ඩායමේ රඳවා ගෙන ඇත.
මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එක් වූ දා සිට ඔවුන්ගේ පන්දු යැවීමේ බලඇණියේ අනිවාර්ය අංගයක් බවට පත් වී ඇති හෙයින්, පතිරණගේ සුවිශේෂී දක්ෂතා කෙරෙහි CSK හි විශ්වාසය මෙම තීරණය මගින් අවධාරණය කරයි.
මතීෂ පතිරණට වඩා වැඩි මුදලකට ඊළඟ වාරය සඳහා චෙන්නායි සුපර් කිංග්ස් තවදුරටත් කණ්ඩායමේ රඳවාගෙන ඇති ඉහළම ගෙවීමක් ඇති ක්‍රීඩකයන් දෙදෙනා වන්නේ, ඉන්දීය රුපියල් කෝටි 18 බැගින් ගෙවමින්, රටුරාජ් ගයික්වාඩ් සහ රවින්ද්‍ර ජඩේජා ය.
මෙවරද කණ්ඩායමේ නායකත්වය හොබවන මහේන්ද්‍ර සිං දෝණි හට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙවර ගෙවනුයේ ඉන්දීය රුපියල් කෝටි 4ක වටිනාකමක් වීම විශේෂත්වයකි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…