Local

පවතින පොල් හිඟය ගැන පොල් පර්යේෂණ ආයතනයෙන් පැහැදිලි කිරීමක් !

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මෙරට පොල් නිෂ්පාදනයේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබෙන හෙයින් රට තුළ පොල් නිෂ්පාදනයේ අඩුවීම ලබන වසරේ අප්‍රේල් දක්වා පවතිනු ඇති බව පොල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ සඳහන් කරනවා.

නිසි කලට වර්ෂාපතනය නොලැබීම සහ උෂ්ණත්වය ඉහළ යාම පොල් නිෂ්පාදනය අඩුවීමට හේතු වී ඇති බවද ආචාර්ය නයනි ආරච්චිගේ වැඩිදුරටත් ප්‍රකාශ කළා.

“2023 වර්ෂයේ මුළු පොල් අස්වැන්න ගෙඩි මිලෙන් 1944ක් ලැබිලා තියෙනවා. මේ අවුරුදදේ අපේ පුරෝකථනවලට අනුව අපිට ලැබනේනේ ගෙඩි මිලෙන් 2683ක් වගේ ප්‍රමාණයක්. අපි පළමුවෙනි මුර තුන ගත්තොත් ගිය අවුරුද්දේ ගෙඩි මිලෙන් 1597ක් වගේ ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ඒ් ප්‍රමාණය පළමු මුර තුනට 1423ක් වගේ ප්‍රමාණයක්. ඒ  අනුව යම්කිසි අඩුවීමක් පළමු මුර තුනේදී දක්නට ලැබෙනවා. පොල් වගා කරන ප්‍රදේශවල ප්‍රධාන වශයෙන්ම අඩු වර්ෂාපතනයක් පැවතීම සහ වැඩි උෂ්ණත්වයක් පැවතීම යන කාරණා දෙක නිසා තමයි මේ අවුරුද්දේ පොල් අස්වැන්නට ප්‍රධාන වශයෙන් අඩු වීමක් තියෙනවා. ලබන වසරේ අප්‍රේල් දක්වා අපි බලාපොරොත්තු වෙනවාට වඩා අඩු අඅස්වැන්නක් තමා ලැබනේනේ.”

රට තුළ පවතින පොල් හිඟය පාලනය කිරීම සඳහා අපනයන අරමුණු කරගනිමින් පොල් මද ආනයනය කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් ද මේ වන විට ඉදිරිපත් කර ඇති බව පොල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ සඳහන් කළාය.

“පොල් සංවර්ධන අධිකාරිය මඟින් යෝජනා කරලා තියෙනවා, කොළඹ පොල් ඔප්ෂන් ඒක හරහා යම් ප්‍රමාණයක් අලෙවිය සිදුවන බව. පොල් වෙන්දේසියේ රු 100කට පවත්වාගෙන යන්න කියලා සංවර්ධන අධිකාරියට යෝජනා කරලා තියෙනවා. අපි යෝජනා කරලා තියෙනවා අපනයනය සඳහා අවශ්‍ය පොල් මද ගෙන්වීමට නමුත් ඒ සඳහා තවම අවසර ලැබිලා නෑ.”

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago