ශ්‍රී ලංකා මහ බැංකුව මගින්, අලුතින් මුදල් මුද්‍රණය කළ බවට පළවී ඇති වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
විවෘත වෙළෙඳපොළ කටයුතු හරහා ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 100ක් අච්චු ගැසූ බවට පළවී ඇති වාර්තා පදනම් විරහිත ඒවා බවයි, එහි දැක්වෙන්නේ,.
මහ බැංකුව විවෘත වෙළෙඳපොළ කටයුතු හරහා ද්‍රවශීලතාව ලබාදීම සාමාන්‍ය මහ බැංකු කටයුත්තක් වේ. විවෘත වෙළෙඳපොළ කටයුතු සිදු කරනු ලබන්නේ පොලී අනුපාතිකය කළමනාකරණය කිරීම හරහා මිල ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා වන අතර, එය හුදු මුදල් අච්චු ගැසීමක් ලෙස ලඝු කොට දැක්විය නොහැකි බවයි අදාළ නිවේදනයේ දැඩිදුරටත් දැක්වෙන්නේ.
අදාළ චෝදනාව සම්බන්ධයෙන් මහ බැංකුව නිකුත් කල නිවේදනය පහතින්,