මෙවර පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු අද (30) ආරම්භ වනවා.
ඒ අනුව දිස්ත්රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිශන් සභාවේ කාර්යාල, පොලිස්පති කාර්යාල ඇතුළු සියලු පොලිස් ස්ථානවල ද අද දිනයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.
අද දිනයට අමතරව අදාළ කාර්යාලවල නොවැම්බර් මස 4 වැනිදා ද තැපැල් ඡන්දය සළකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී තිබෙනවා.