රජයේ නිල නිවාස අද (30) වන තෙක් භාර නොදුන් හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
මේ අතර හිටපු අමාත්‍යවරුන් 12 දෙනෙකු තවමත් නිල නිවාස රජයට භාරදී නොමැති බවයි, එම අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටින්නේ.
ඒ අතර යහපාලන රජය සමයේ සිටි හිටපු විපක්ෂ නායකවරයෙක් වූ ආර්. සම්බන්ධන් මහතාගේ හා නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ නමද ඊට ඇතුළත් වේ. එමෙන්ම රිය අනතුරකින් මිය ගිය හිටපු ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා භාවිත කළ නිල නිවසද මෙතෙක් භාරදී නොමැති බව වාර්තා වනවා.
හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර, හිටපු පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ජානක වක්කුඹුර, හිටපු ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ, පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත්, හිටපු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර්, හිටපු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියර්දර්ශන ද සිල්වා, හිටපු නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, හිටපු වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, හිටපු නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අරුන්දික ප්‍රනාන්දු, හිටපු ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන්ගේ නම්ද ඇතුළත් බව වාර්තා වුණා.
රජයේ නිල නිවාස අත්පත් කර ගැනීමේ රෙගුලාසි මත මෙම පියවර ගැනීමට කටයුතු කරන බවයි, සඳහන් වන්නේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…