දෙමළ ජනතාවගේ වැදගත් උත්සව අවස්ථාවක් වන දීපාවලි වෙනුවෙන් රාජ්‍ය වැවිලි සමාගම් විසින් වාර්ෂිකව ලබාදෙන උත්සව දීමනාවක් ලබා දෙනු ලබනවා.
මීට පෙර වර්ෂවල එම මුදල රුපියල් 10,000ක් ලෙස පැවති අතර මෙවර එය තවත් රුපියල් 10,000ක් දක්වා ඉහළ දමා තිබෙනවා.
මේ අනුව වාර්ෂිකව ලබා දෙන උත්සව දීමනාව රුපියල් 20,000 දක්වා ඉහළ යනු ඇත.
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහන් කළේ, දමිළ කම්කරු ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව පහළ අගයක පැවතීම සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බවය.