WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් සංසරණය වන දැන්වීම් (Post) මගින් පුද්ගල දත්ත මුල්‍යමය තොරතුරු ලබාගනිමින් සිදුකෙරෙන සයිබර් වංචාවන් මේ දිනවල බහුලව දක්නට ලැබෙන බවට ශ්‍රී ලංකා සර්ට් ආයතනය නිරීක්ෂණය කොට ඇත.
ඒ අනුව, විවිධ බැංකු, වාණිජ ආයතන, අන්තර් ජාතික ආයතන නාමයන් භාවිතා කරමින් පරිත්‍යාග, මුදල් තෑගි, දිනුම් වාසනා, අධික ලාබදායි භාණ්ඩ online ක්‍රමයට ලබාදීම, රැකිරක්ෂා ලබාදීමට, ලියාපදිංචි වන ලෙස දන්වමින් එවනු ලබන ව්‍යාජ පණිවුඩ සහ WhatsApp පණිවුඩ මගින් OTP password තොරතුරු ඉල්ලා එවන පණිවුඩ වලින් ප්‍රවේසම් වන ලෙස ශ්‍රී ලංකා සර්ට් (Sri Lanka CERT) ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
අනුකාරක (Fake web) වෙබ් අඩවි, සමාජ මාධ්‍ය (Social Media) වේදිකාවන්, SMS, WhatsApp, හරහා එවනු ලබන පණිවුඩ මගින් මෙම සයිබර් ජාවාරම්කරුවන් ඔබ හා සම්බන්ධ වීමට උත්සහ දරනු ඇත.
ඔවුන් විසින් ලබාදෙන links වෙත පිවිසීමෙන් ඊට සම්බන්ධවන පුද්ගලයන්ගේ පරිගණක, ජංගම දුරකථන වල ඇති දත්ත සොරා ගැනීමෙන් විවිධ අපචාර මෙන්ම මුදල් වංචා ද සිදුකරනු ලබයි.
විශේෂයෙන්ම WhatsApp පණිවුඩ මගින් එවනු ලබන OTP password තොරතුරු ඉලා සිටීම මගින් ඔබගේ whatsApp ගිණුම අපරාධ කරුවන්ගේ ග්‍රහනයට ගනු ලබයි.
එමගින් ඔබගේ WhatsApp ගිණුම භාවිතා කරමින් විවිධ ආධාර ඉල්ලීම් වැනි කටයුතු සිදුකරනු ලබයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…