Local

ගුවන්තොටුපල මගීන් හා කාර්ය මණ්ඩල වල ආරක්ෂාව ගැන නිවේදනයක් !

ඔක්තෝබර් මස 19 වනදා සහ 24 වනදා ඉන්දියාවේ සිට පැමිණි විස්තාරා ගුවන්යානා දෙකක් සඳහා ලැබී තිබූ ව්‍යාජ බෝම්බ තර්ජන හේතුවෙන් කටුනායක ගුවන් තොටුපල, මගීන් සහ කාර්ය මණ්ඩල වල ආරක්ෂාව පිළිබඳ වැඩි කතාබහක් නිර්මාණය වුණා.

කෙසේ වෙතත් ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම නිවේදනය නිකුත් කරමින් දැනුම් දී තිබුණේ ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපොළවලට පැමිණෙන ගුවන් මගීන්ගේ සහ කාර්ය මණ්ඩලවල ආරක්ෂාව තහවුරු කර ඇති බවයි.

කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙමින් තිබු එම ගුවන්යානා වෙත ව්‍යාජ බෝම්බ තර්ජන ලැබී තිබීම හේතුවෙන් ආරක්ෂාකාරීව එම යානා වල සිටි මගීන් සහ කාර්ය මණ්ඩල ඉවත්කර එම යානා පරීක්ෂා කිරීමට ආරක්ෂක බලධාරීන් කටයුතු කරනු ලැබුවා.

එමගින් යමෙකු අපහසුතාවයට පත්වූයේ නම් කනගාටුවට පත්වන බව ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම පවසන අතර ඉන්දීය ගුවන්යානා විශාල ගණනකට පසුගිය දින කිහිපය තුළ ව්‍යාජ බෝම්බ තර්ජන ලැබී ඇත. ඒ හේතුවෙන් දැඩි ආරක්ෂක පියවර ගැනීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

එමෙන්ම ඊයේ දිනයේ තුළදී පමණක් ඉන්දීය ගුවන් යානා සඳහා බෝම්බ ඇති බවට ව්‍යාජ දැනුම්දීම් 80ක් පමණ ලැබී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

මෙම තත්ත්වය හේතුවෙන් මෙම ව්‍යාජ තර්ජන සම්බන්ධයෙන් පණිවිඩ ලබාදෙන පුද්ගලයින්ගේ තොරතුරු ඉල්ලා මෙටා සහ X සමාගම්වලට දැනුම්දීමට ද ඉන්දීය රජය තීරණය කර තිබෙනවා.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

4 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

4 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago