ඉරාන පාලන තන්ත්‍රයෙන් මාස ගණනාවක් තිස්සේ එල්ල වූ අඛණ්ඩව ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස තමන් ඉරානයේ හමුදා ඉලක්ක වෙත නිශ්චිත ප්‍රහාර සිදුකරන බව පවසමින් ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබෙනවා.
ඉරාන අගනුවරට බටහිර සහ නිරිත දෙසින් පිහිටි ඇතැම් හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් පසුගිය ඔක්තෝබර් 01 වන දා ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කර ඇති බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය පවසා තිබෙනවා.
මෙම ඊශ්‍රායල ප්‍රහාර මධ්‍යයේ ඉරානය සිය ගුවන් කලාපය වසා දමා ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන අතර නැවත දැනුම් දෙන තුරු සියලු ගුවන් ගමන් අවලංගු කළ බව ඉරානයේ සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රකාශකයෙක් පවසා ඇති බව සඳහන්.
කලාපයේ සිදුවෙමින් පවතින හමුදා මෙහෙයුම මධ්‍යයේ ඉරාකයේ ගුවන් කලාපය ද වසා දමන බව ඉරාක ප්‍රවාහන අමාත්‍යවරයා පවසා තිබෙනවා. කලාපීය ආතතීන් හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු සියලුම ගුවන් තොටුපලවල සියලුම ගුවන් ගමනාගමනය අත්හිටුවා ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…