Local

විභාග රාජකාරී කල ගුරුවරුන්ට තවමත් ගෙවීම් සිදු කර නැහැ – ස්ටාලින්ගෙන් චෝදනා !

අපොස සාමාන්‍ය පෙළ (2023) විභාගය පවත්වා මාස 08ක් ගතවී ඇතත් මේ වනතෙක් විභාග රාජකාරි කළ ගුරුවරුන් සඳහා ඊට අදාළ ගෙවීම් සිදුකර නැති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.

මෙම ගෙවීම් ලබාගැනීම සඳහා ගුරුවරුන් 35,000ක් පමණ සිටින බවත්, ඔවුන්ට සිදු කළ යුතු ගෙවීම් ප්‍රමාද කිරීම නිසා ඉදිරි විභාග රාජකාරිවලට ගුරුවරුන් ඉදිරිපත් වීමට අකැමැත්තක් දැක්විය හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කලා.

මේ වනවිට රජය මගින් ගුරුවරුන්ට ගෙවීම සඳහා මුදල් වෙන්කර ඇති බව දැනගන්නට තිබෙන බවත් සඳහන් කල ලේකම්වරයා පෙන්වා දුන්නේ විභාග දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව නිසා ගුරුවරුන් සඳහා සිදුකරන ගෙවීම් ප්‍රමාද වන බවට දැනගන්නට තිබෙන බවයි.

මේ අනූව පෙනී යන්නේ විභාග දෙපාර්තමේන්තුවට ප්‍රශ්නයක් නොවන ආකාරයට විභාගයක් පැවැත්වීමේ නොහැකියාව බව ඔහු පෙන්වා දුන්නා.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

3 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

4 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago