Local

මත්පැන් බලපත්‍ර අලුත් කිරීම ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් !

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිවේදනයට අනූව එළඹෙන වසරේ ජනවාරි 01 වැනිදා සිට මත්පැන් බලපත්‍ර අලුත් කිරීමේදී අවශ්‍යවන නිෂ්කාශන සහතික ඉල්ලුම් කිරීමට අදාළව කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කෙරෙනවා.

ඒ අනුව, 2023 /2024 තක්සේරු වර්ෂය සදහා ආදායම් බදු අනිවාර්යයයෙන් ගෙවා තිබිය යුතු අතර, 2024/ 2025 තක්සේරු වර්ෂයටද මුල් කාර්තු දෙක සදහා ගෙවීම් සිදුකර තිබිය යුතු වනවා.

එසේම, නියමිත පරිදි සමාජ ආරක්ෂණ දායකත්ව බදු ගෙවා තිබිය යුතු අතර, වෙනත් බදු සදහා ලියාපදිංචි වී ඇත්නම් ඊට අදාළ වාර්තා ලබාදී ඒවාද ගෙවා නිමකර තිබිය යුතු බව එහි සඳහන්.

බදු ගෙවීමට නොමැති නම් ඊට හේතු අයදුම්පතෙහි සඳහන් කළ යුතු අතර, අදාළ නිෂ්කාශන සහතිකය සෘජුවම සුරාබදු දෙපාර්තමේන්තුව වෙත යොමු කෙරෙන බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

1 day ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

1 day ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago

ලබන අවුරුද්දේ තවත් ඡන්දයක් !

ලබන වසර මුල පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇති බව විදේශ කටයුතු විදේශ රැකියා…

2 days ago

IMF තුන්වන සමාලෝචනය සාර්ථකව අවසන් – නිල ප්‍රකාශය අද !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) තෙවන සමාලෝචනය සම්බන්ධයෙන් එම අරමුදලේ නියෝජිතයින් අද (23) පෙරවරුවේ නිල වශයෙන්…

2 days ago