Political

මහ මැතිවරණය සඳහා යාපනයෙන් තරඟ වදින අපේක්ෂකයෙකු ජීවිතක්ෂයට !

ඊයේ (23) සවස මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වූ යාපනයේ තරුණ අපේක්ෂකයෙකු හදිසියේම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් ( තැපැල් පෙට්ටියෙන් ) මෙවර යාපනයේ උඩුප්පිඩි ආසනය සදහා තරග කර ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස මියගොස් ඇති යාපනයේ වැල්වෙට්ටිතුරේ ප්‍රදේශයේ පදිංචි සෙන්තිල්වේල් තමිලියන් නැමති 34 හැවිරිදි මෙම අපේක්ෂකයා මීට පෙර වැල්වෙට්ටිතුරේ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරී පත් වී දේශපාලන කටයුතු ආරම්භ කර තිබෙනවා.

දින හතරකට පෙර ඔහු හදිසියේම රෝගී වීම නිසා ඔහුව පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කොට ඇත.

අනතුරුව ඔහුගේ තත්ත්වය උග්‍රවීම නිසා යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ මියගොස් තිබෙනවා.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය ශීක්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago