Local

ජංගම පොල් අලෙවිය ඇරඹෙයි !

පවතින අධික පොල් මිල හමුවේ පාරිභෝගික ජනතාව මුහුණ දී තිබෙන දුෂ්කරතාවයට විසඳුමක් ලෙස පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් ජංගම අලෙවි රථ වැඩසටහනක් ඊයේ (23දා) සිට ආරම්භ කළේය.

ඒ අනුව එම ජංගම රථවලින් පොල් ගෙඩියක් රුපියල් 100ත් 120ත් අතර මිලකට පාරිභෝගිකයින්ට ලබාදෙන බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි.

ඊයේ කොළඹ බල ප්‍රදේශයේ ජාතික රෝහල අසල, කිරුළපන පොදු වෙළෙඳපොළ හා මුදල් අමාත්‍යාංශ පරිශ්‍රය ආසන්නයේත් ජංගම ලොරි රථ මගින් ජනතාව වෙත පොල් අලෙවි කරනු ලැබීය. මෙම වැඩසටහන සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත බව එම මණ්ඩලය පවසයි.

එසේම, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභා සීමාවට අයත් වැලිකඩ පොලිසිය ආසන්නව සහ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය අසල ද පොල් බෙදාහැරීමේ ජංගම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

එමෙන්ම, කඩුවෙල සහ බත්තරමුල්ල බල ප්‍රදේශයන් ආවරණය කරමින් සෙත්සිරිපාය රජයේ කාර්යාල පරිශ්‍රය ආසන්නයේ සහ ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පොල් වගා කිරීමේ මණ්ඩලය පිහිටි ස්ථානය අසලදී වැනි ප්‍රධාන නගරයන්හිදී ද ජනතාවට සහන ක්‍රමයකට පොල් මිලදී ගැනීමට පහසුකම් සපයා තිබිණි.

පොල් වගාකිරීමේ මණ්ඩලය දිනකට පොල් ගෙඩි දසදහසක් වෙළෙඳපොළට එක්කරයි. සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනයන්වල පසුව ක්‍රමිකව දිනකට පොල් ගෙඩි පන්දහසක් බැගින් සතියකට පොල් ගෙඩි පහළොස් දහසක් පාරිභෝගික ඉල්ලුම අනුව වෙළෙඳපොළට යොමු කිරීමට සැලසුම් කර ඇත.

මීට අමතරව කුරුණෑගල වැවිලි සමාගම මැදිහත්ව ඊයේ දින සිට පොල් ගෙඩි 1500 බැගින් දිනපතා සැපයීමට කටයුතු සුදානම් කර තිබූ අතර, අද සිට හලාවත වැවිලි සමාගම දිනකට පොල් ගෙඩි තුන්දහස බැගින් දිනපතා ලබාදීමට එකඟ වී තිබේ.

වෙළෙඳපොළේ බොහෝ වෙළෙඳ සල් හිමියෝ පොල් ගෙඩියක් රුපියල් 180ත් 200ත් අතර ඉහළ මිලකට අලෙවි කරමින් පාරිභෝගික ජනතාව සුරාගෙන කති.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago