අරුගම්බෙ දී විදේශිකයන් පිරිසක් ඉලක්ක කරගෙන යම් සිදුවීමක් කිරීමට සූදානම්ව සිටි බව කියන මාලදිවයින් ජාතිකයකු ඇතුළු දෙදෙනෙක් මෙරට ආරක්ෂක අංශ විසින් රත්මලානේ දී සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
අරාබිකරයේ රටක ත්‍රස්ත කණ්ඩායමකින් දුන් බව කියන ඩොලර් ලක්ෂයක කොන්ත්‍රාත්තුවකට අනුව යම් ප්‍රහාරයක් සැළසුම් කළ බවට ඉන්දීය රෝ ඔත්තු සේවයට ලද තොරතුරකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිදුවීමට අත්අඩංගුවට ගත් මෙරට සැකකරු යාපනයේ පදිංචිකරුවෙකි. මීට පෙරද ඔහු ත්‍රස්තවාදී ක්‍රියාවන්ට හවුල් වූ අයෙකු බව මෙන්ම ඉරාකයේ සිට පැමිණි අයෙක් බවත් බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
රත්මලානේ තාවකාලිකව පදිංචිව සිට ඇති ඔවුන් දෙදෙනාව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ පොලිස් අංශයක ඔවුන් දෙදෙනාව රඳවාගෙන දීර්ඝ ලෙස විමර්ශන පැවැත්වෙන බවත් ඔවුන් සමග මෙම සිදුවීම්වලට සම්බන්ධ තවත් අය හඳුනාගැනීම සඳහා විමර්ශන පැවැත්වෙන බවත් පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ලබාදුන් ආකාරයටම ඉකුත් ඔක්තෝබර් හත් වැනිදා ඉන්දීය රෝ බුද්ධි සේවයෙන් මේ සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබේ.
මේ සඳහා මෙම සැකකරුවන්ට මූල්‍ය පහසුකම් පවා ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදුවන බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…