Local

ආරුගම්බේ සිද්ධිය ගැන දැනගෙන හිටියා නම් කලින් නොකිව්වේ ඇයි ? – කංචන ප්‍රශ්න කරයි !

අමෙරිකානු තානාපති කාර්යාලය මගින් ඊයේ පෙරවරුවේ ආරුගම්බේ ප්‍රදේශයට කිසියම් ප්‍රහාරයක් එල්ල වීමට ඇති ඉඩකඩ ඇති බවට නිවේදනයක් නිකුත් කලා. එම නිවේදනය උපුටා දක්වමින් එංගලන්තය, රුසියාව, කැනඩාව ආදී රටවල තානාපති කාර්යාල හරහා මෙරට සිටින සංචාරකයට ශ්‍රී ලංකාව සඳහා වන සිය සංචාරක උපදේශන යාවත්කාලීන කිරීමක් සිදු කරනු ලැබුවා.

අදාළ ප්‍රහාරය ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කරගත් බවට කරුණු හෙළි වීමත් සමග ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක මණ්ඩලය නිවේදනය කළේ, එල්ල වීමට නියමිත යැයි බුද්ධි තොරතුරු ලැබී ඇති බැවින් තම වැසියන්ට වහාම ශ්‍රී ලංකාවෙන් ඉවත් වන ලෙස හෝ කොළඹ නගරය වෙත පැමිණීමට වහා ම කටයුතු කරන ලෙසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විවිධ මත ඵල වූ අතර හිටපු විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය නිල X ගිණුම හරහා මෙම සිද්ධිය සම්බන්ධව ප්‍රශ්න කිහිපයක් මතු කර තිබෙනවා.

එහි දී ඔහු විමසන්නේ, ප්‍රහාරයක් එල්ල විය හැකි බවට තොරතුරු ඉකුත් ඔක්තෝබර් 7 වැනිදා ශ්‍රී ලංකා රජයට ලැබී ඇති බවත් එය ආරක්ෂක මණ්ඩල රැස්වීම් කිහිපයකදී සාකච්ඡා කර, විමර්ශනය කර, පූර්වාරක්ෂාව සහතික කළ බවට වැඩබලන පොලිස්පතිවරයා පැවසුවත්, එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිවේදනය පිටවීමට පෙර රජයට තොරතුරු තිබුණේ නම්, නිලධාරීන් මීට පෙර ආරක්ෂාව තර නොකළේ මන්දැයි යනුවෙන්.

එමෙන්ම රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල හමුවක් කැඳවා ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සහ එවැනි තර්ජනයක් වැලැක්වීමට ගෙන ඇති පියවර පිළිබඳව දැනුවත් කිරීමට රජය අපොහොසත් වූයේ මන්ද යන්නත් හිටපු අමාත්‍යවරයා සිය X පණිවිඩය හරහා විමසන අතර ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, ජාතික ආරක්ෂාවට එල්ල වී ඇති තර්ජනය කිසිවිටෙක සැහැල්ලුවට නොගත යුතු නමුත් සංචාරක ආදායම රටට වැදගත්ම ආදායම් මාර්ගයක් වන බවයි.

මේ අතර ශ්‍රී ලංකා රජයට කලින් තොරතුරු තිබුණේ නම් සහ ඔවුන් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල දැනුවත් කළේ නම්, ගත් පූර්වාරක්‍ෂාවන් සමඟ සංචාරක උපදේශන අනතුරු ඇඟවීමක් වළක්වා ගත හැකිව තිබූ බව පවසන හිටපු අමාත්‍යවරයා සිය X පණිවිඩය හරහා පවසනවා.

තවද, ජනාධිපතිවරයා සහ විදේශ අමාත්‍යවරයා අවම වශයෙන් දැන්වත් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සහ ආරක්ෂක නිලධාරීන් සමඟ රැස්වීමක් කැඳවා ගෙන ඇති පියවර පිළිබඳව කෙටියෙන් සඳහන් කර ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය ඉවත් කිරීමට විදේශ දූත මණ්ඩල සමඟ කටයුතු කළ යුතු බවත් හිටපු විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය X සටහනෙන් අවධාරණය කරනවා.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

5 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago