Local

ලලිත් – කූගන් අතුරුදහන් වීම ගැන සාක්ෂි ලබා දීමට යාපනය හැර ඕනෑම අධිකරණයකට පැමිණීමට ගෝඨාභය සූදානමින් !

ලලිත් වීරරාජ් සහ කූගන් මුරුගනන්දන් යන සිවිල් ක්‍රියාකාරීන් දෙදෙනාගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය කැමැත්ත පලකර තිබෙනවා.

ඒ, අතුරුදන් වූ එකී සිවිල් ක්‍රියාකාරීන් දෙදෙනාගේ ඥාතීන් විසින් මීට පෙර අභියාචනාධිකරණය ලබා දී තිබුණු තීන්දුවක් අභියෝගයට ලක් කරමින්, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණු පෙත්සමක් කැදවූ අවස්ථාවේ දී ය.

ලලිත් සහ කූගන් යන සිවිල් ක්‍රියාකාරීන් දෙදෙනාගේ අතුරුදන්වීම සිද්ධ වී තිබුණේ, 2011 වසරේ දී ය. එවකට ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරමින් සිටියේ ගෝඨාභය රාජපක්ෂයි.

ලලිත් සහ කූගන්ගේ අතුරුදහන් වීම පිටුප එවකට පැවති මහින්ද රාජපක්ෂ රජය සිටින බවට සැකයක් මතු වූ වේ, ඔවුන් දෙදෙනාගේ අතුරුදහන්වීම පිළිබදව කළ විමසීමකදී එවකට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වූ කෙහෙළිය රඹුක්වැල්ල, අදාල පුද්ගලයන් දෙදෙනා පොලිසිය භාරයේ සිටින බව ප්‍රකාශ කිරීම හේතුවෙනි.

ලලිත් සහ කූගන්ගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් නඩුවක් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ අතර, 2019 වසරේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව යාපනය මහේස්ත්‍රාත් අධිකරණය සිතාසි නිකුත් කළේ ය.

තමන්ට ජීවිත තර්ජන ඇති බැවින් සිතාසි යළි කැදවන ලෙස ගෝඨාභය ඉල්ලා සිටියේ ය.

පසුව ඔහු ජනාධිපති ලෙස පත් වූ අතර, එම හේතුව මත, සාක්ෂිකරුවෙකු ලෙස ඔහු කැදවීමේ හැකියාවක් නොවී ය.

තවදුරටත් ඔහු ජනාධිපති ධූරයේ නොසිටින බැවින්, ලලිත් සහ කූගන්ගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් වූ නඩුවේ සාක්ෂිකරුවකු ලෙස ගෝඨාභය රාජපක්ෂ කැදවන්නයි, පැමිණිලි පාර්ශ්වය ඉල්ලා සිටියි.

ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ පවසා ඇත්තේ, රටේ වෙනත් ඕනෑම මහේස්ත්‍රාත් අධිකරණයක මෙම නඩුවට අදාලව සාක්ෂි ලබා දීමට සිය සේවා දායකයා සූදානම් නමුත්, යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට ඔහුට නොහැකි බවයි.

නඩුව, 2025 වසරේ මාර්තු 18 යලි කැදවීමට නියමිත ය.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

5 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago