Local

රන්ජන් රාමනායකගෙන් ජනපති අනුරට ලිපියක් !

වසර හතක් ගතවන තුරු මැතිවරණයකට තරඟ කළ නොහැකි ලෙස තමන්ට එරෙහිව පනවා ඇති තහනමේ කාලය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට හැකිවන පරිදි අඩු කරන ලෙස එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්‍ෂයේ නායක රංජන් රාමනායක මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

2024 ඔක්තෝම්බර් 02 දිනැති ලිපියට ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් සිටින බවද රංජන් රාමනායක මහතා සිය ලිපියෙන් ඉල්ලා තිබෙනවා.

පසුගිය පාර්ලිමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික්ක සමගි ජන බලවේගය පක්ෂ මන්ත්‍රීවරයා ලෙස පත්වූ ඔහු මෙවර එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්‍ෂයේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායමේ නායකයා ලෙස නාමයෝජනා භාර දී තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්‍ෂයේ නාමයෝජනා ලැයිස්තුව මැතිවරණ කොමිසම විසින් පිළිගෙන ඇති අතර එළඹෙන මහ මැතිවරණය නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිතය.

2021 ජනවාරි 12 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට රන්ජන් රාමනායක වරදකරු බවට තීන්දු කරනු ලැබුවා.

ඒ අනුව යහපාලන රජය සමයේ මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ‍රන්ජන් රාමනායකට වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කළා.

එහිදී ඔහුට වසර හතක කාලයක් සඳහා (ජනවාරි 12, 2021 සිට 2028 ජනවාරි 12 දක්වා) ඔහුගේ ඡන්ද අයිතිය හෝ තේරී පත්වීමේ අයිතිය ස්වයංක්‍රීයව අහිමි වුණා.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago