මහනුවර ප්‍රදේශයේ නිවසක සඟවා තිබී හමුවූ බව කියන සැප වාහන දෙකකට තමාගේ සම්බන්ධයක් ඇති බව ඔප්පු කළහොත් දේශපාලනයෙන් සමුගන්නා බව ඊයේ (22) කළුතරදී මාධ්‍ය අමතමින් හිටපු වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන විශේෂ ප්‍රකාශයක් සිදු කලා.
මහනුවර ප්‍රදේශයේ නිවසක රුපියල් කෝටි හයක් පමණ වටිනා BMW වර්ගයේ මෝටර් රථයක් සහ පෙජරෝ ජීප් රථයක් සඟවා තිබී මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් බවට මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
‘මුලින්ම කිව්වා එම වාහනවලට මගේ බෑනා කෙනෙක් සම්බන්ධයි කියලා. පසුව කියනවා බෑනාගේ අයියා කෙනෙක්ලු. මේ වාහනවලට මගේ කිසිම සම්බන්ධයක් නෑ. එහෙම සම්බන්ධයක් තියෙනවා කියලා ඔප්පු කළොත් මම දේශපාලනයෙන් සමුගන්නවා. එපමණක් නොවෙයි මෙවර මහ මැතිවරණයෙන් පවා ඉල්ලා අස්වෙනවා.
මම දේශපාලනයට ආවේ වංචා සොරකම් කරන්න නොවෙයි. නොකළ දේවල්වලට චෝදනා එල්ල කරනවා. මෙහි ඇත්ත සොයන්න කියා ඉල්ලනවා.
දේශපාලන මඩ ගහන්න මේවා භාවිතා කරන්න එපා. මේ කියන වාහනවලට මම හෝ බෑනාගේ සම්බන්ධයක් නෑ. වෙන කවුරුන් හෝ වරදක් කළොත් මම පළිද? මගේ ගෙදරත් වාහන තියෙනවා. මේ සියල්ල ලියාපදිංචි කළ වාහන. මම වරදක් කර ඇත්නම් ඔප්පු කරන්න කියලා අභියෝග කරනවා.
මේ වනවිට මැතිවරණයක් ක්‍රියාත්මක වෙනවා. වෙන පක්ෂවලට මේ පුවත් ලොකු වාසියක්. මේ මැතිවරණයේදී තියෙන්නේ මනාප තරගයක්. සමහර මාධ්‍ය නඩු අහල තීන්දුත් දෙනවා. මම වරාය ඇමැතිකමෙන් අස්වුණේ අවුරුදු දෙකකට කලින්. මහින්ද මහත්තයා එක්ක මමත් ඉවත් වෙනවා. අද වනතුරු චෝදනාවක් නෑ. මම සියලු දේවල් සිදු කර ඇත්තේ නීත්‍යානුකූලව.
තව පුවතක් යනව මගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ කෙනෙක් එම නිවසේ ඉන්න බව. එහෙම නම් පාර්ලිමේන්තුවේ එම විස්තර තියෙනවා. බොරුවට ආයුෂ නෑ. ඇත්ත ඉක්මනින් එළියට එනවා.’
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…