Local

නෙළුම් කුළුනෙන් පැන ජීවිතක්ෂයට පත් දැරියගේ දෙමාපියන් මාධ්‍ය හැසිරීම ගැන කනස්සල්ලෙන් !

පසුගියදා කොළඹ නෙළුම් කුළුණේදී මියගිය දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් එම දැරියගේ දෙමාපියන් ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. එහිදී ඔවුන් සඳහන් කර තිබුනේ තම දියණිය පිළිබඳ ජනමාධ්‍ය මගින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් දැඩි කණස්සල්ල පළකරන බවයි.

දැරියගේ මාපියන් පවසන්නේ, බාලවයස්කාර දැරියකගේ නම, ඇයගේ තොරතුරු සහ ඇයගේ පවුලේ අය සම්බන්ධ වෙනත් පෞද්ගලික තොරතුරු ප්‍රසිද්ධ කිරීම ඇතුළුව, ජනමාධ්‍ය ආයතන කිහිපයක් විසින් ජනමාධ්‍ය ආචාරධර්ම උල්ලංඝනය කර ඇති බවයි.

තවද, මාස කිහිපයකට පෙර කොළඹ අල්ටෙයාර් මහල් නිවාස සංකීර්ණයේදී සිදුවූ මිතුරන්ගේ මරණය සම්බන්ධයෙන්, තම දියණිය තම පාසලේ සිසුන්ගේ මාපියන් සහ ගුරුවරුන් යන දෙපාර්ශ්වයේම හිරිහැරවලට ගොදුරු වී ඇති බවද ඔවුන් සඳහන් කරති.

එම දරුවන් දෙදෙනාගේ අනතුර සම්බන්ධයෙන් තම දියණිය තොරතුරු දැන, ඒවා සඟවාගෙන සිටි බවට ඇතැමුන් චෝදනා කළ බවද, එම තත්වය හේතුවෙන් සිය දියණිය දැඩි පීඩාවට පත්ව සිටි බවද ඔවුහු පවසනවා.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

4 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

4 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago