Local

ප්‍රශ්න පත්‍ර ගැටලුවක් නිසා පාසල් වාර විභාගයත් කැළඹෙයි !

මේ දිනවල මධ්‍යම පළාතේ පවත්වනු ලබන පාසල් දෙවන වාරයේ වාර විභාගය සඳහා සිංහල මාධ්‍ය සිසු සිසුවියන්ගේ 08 හා 09 පන්තිවලට බෙදා ඇති දෙමළ විෂය ප්‍රශ්න පත්‍රය එකම ප්‍රශ්න පත්‍රයක් වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අද (21) පැවැති වාර විභාගයේදී අටවැනි ශ්‍රේණියට සැකසූ දෙමළ විෂයේ ප්‍රශ්න පත්‍රයට නමය වසර වශයෙන් මුද්‍රණය කොට එකම අන්තර්ගතය ඇතුළත් ප්‍රශ්න පත්‍රයක් නමය වසරේ සිසු සිසුවියන්ටද ලබාදී තිබෙන බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසන්නේ.

මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් මහතා පවසන්නේ, අදාළ ප්‍රශ්න පත්‍රය 08 වැනි ශ්‍රේණියට අදාල එකක් බවත් කිසියම් අතපසුවීමකින් 09 වැනි ශ්‍රේණියේ සිසුන්ටද එම ප්‍රශ්න පත්‍රයම ලබා දී ඇති බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සොයා බලන බව පැවසූ අධ්‍යක්ෂකවරයා 09 වැනි ශ්‍රේණියේ සිසුන්ට අදාල දෙමළ භාෂා ප්‍රශ්න පත්‍රය යළි ලබාදීමට කටයුතු කරන බවද වැඩිදුරටත් පැවසුවා.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago