කොටුව දුම්රිය ස්ථානයෙන් මරදාන දෙසට ධාවනය වන සියලුම දුම්රියන් තාවකාලිකව නවතා තිබෙනවා.
ඒ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය ගමන් පථ වෙනස් කිරීමේ අංශයේ (Railroad Switch) ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන්.
කොටුව සහ මරදාන අතර අවහිරතාව කොළඹට පැමිණෙන කාර්යාල දුම්රිය ද ප්රමාද වී තිබෙන බවට වාර්තා වනවා.
මේ වනවිටත් එහි නඩත්තු කටයුතු අරඹා ඇති අතර, හැකි ඉක්මනින් එය යථා තත්ත්වයට පත් කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.