බස්නාහිර පළාත සහ අවට ප්‍රදේශ වල ඌරන් අතර පැතිර යන වෛරස් රෝගය හේතුවෙන් ඌරන් ප්‍රවාහනය සඳහා සෞඛ්‍ය සහතිකය අනිවාර්ය කර ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල සඳහන් කළේ ඒ සඳහා කොට්ඨාස භාර පශු වෛද්‍යවරයෙකුගෙන් සෞඛ්‍ය සහතිකය ලබා ගත යුතු බවයි.
පවතින තත්ත්වය පාලනය සම්බන්ධයෙන් ඌරු ගොවිපල හිමියන් සමග අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.
මෙම වෛරසය පැතිරී යාම වැළැක්වීම සඳහා පළාත් අතර ඌරන් ප්‍රවාහනය පසුගියදා තහනම් කෙරුණා.