Local

මහින්දට නිල රථ 8ක් නෑ, 6යි තියෙන්නේ – මහින්දගේ වාහන ගැන පැහැදිලි කිරීමක් !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා භාරයේ නිල රථ 08ක් පවතින බවට දක්වා ඇති නිවේදනයේ තොරතුරු නිවැරදි නොවන බව මහින්ද රාජපක්ෂ මාධ්‍ය ඒකකය පවසනවා.

ඔවුන් මේ බව සඳහන් කළේ, “හිටපු ජනාධිපතිවරුන්ට නිල වශයෙන් හිමි කිසිවක් අහිමි කර නැහැ’’ යන ශීර්ෂය යටතේ රාජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්.

මහින්ද රාජපක්ෂ මාධ්‍ය ඒකකය සඳහන් කරන පරිදි හිටපු ජනාධිපතිවරයා යටතේ පවතින නිල රථ සංඛ්‍යාව 06ක්.

ඉන් රථ තුනක හෙට (21) දිනයේදී නැවත භාරදීමට කටයුතු සම්පාදනය කර තිබෙනවා.

ඒ අතර ගිලන් රථයක් ද ඇතුළත් බවයි මහින්ද රාජපක්ෂ මාධ්‍ය ඒකකයේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

කෙසේ වෙතත් රාජ්‍ය බුද්ධි සේවා විසින් නිකුත් කර ඇති ආරක්ෂක තක්සේරු වාර්තා හා බුද්ධි තොරතුරු අනුව දැනට ලංකාවේ සිටින දේශපාලනික නායකයින් අතරින් ඉහළම තර්ජනයකට ලක්ව සිටින දේශපාලනඥයා ලෙසයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සැලකෙන්නේ.

මෙම නිල රථ ඔහුගේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් යොදවා තිබූ බවට අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago