Local

ඇඹිලිපිටිය ඒස් ඩීසල් බලාගාරය ගැන ජනපතිට යෝජනාවක් !

මෙගාවොට් සීයක ධාරිතාවෙන් යුත් ඒස් ඇඹිලිපිටිය ඩීසල් බලාගාරය රජයට පවරාගන්නා ලෙස විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික, ජනපතිගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනූව ඔහු අනුර කුමාර දිසානායක වෙත ඊයේ (18) විද්‍යුත් ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා.

එය රජයට පවරා නොගැනීම නිසා මේ වන විට මිලියන දොළොස්දහක පාඩුවක් සිදුවී ඇති බව එම ලිපියේ සඳහන්.

සුනිල් හඳුන්නෙත්ති කෝප් කමිටුවේ සභාපති ධුරය දරන සමයේදී මෙම බලාගාරය රජයට පවරා ගැනීම සඳහා නිර්දේශ ඉදිරිපත් කර ඇති බවද එහි දැක්වෙනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් සංජීව ධම්මික මහතා මෙසේ කියා සිටියා.

“හදිසි විදුලිය මිලදී ගැනීම් යටතේ මේ බලාගාරයෙන් මෙගාවොට් සීයක් විදුලි බල මණ්ඩලය ගන්නවා. ඒ විදිහට විදුලිය ගත්තත් නැතත් ගිවිසුමට අනුව මාසිකව රජය මේ බලාගාරයට මිලියන අනූවක් ගෙවිය යුතු වෙනවා.”

“පෙර තිබූ ගිවිසුම්වලට අනුව හරි නම් මේ බලාගාරය 2015 දී රජයට අයිති විය යුතුයි. නමුත් මේක පවරගත්තේ නෑ. මේ වනවිට ප්‍රාග්ධන වියදම් සියල්ලම රජය ගෙවලා ඉවරයි.

ඒ නිසා රජයට අයිති විය යුතු බලාගාරයකට මුදල් ගෙව ගෙව විදුලිය ලබා ගැනීමේ අවශ්‍යතාවක් නෑ. ඒ වගේම විගණකාධිපතිවරයාත් මේ බලාගාරය රජයට පවරාගන්න කියා නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

අපි පසුගිය ආණ්ඩුවලට චෝදනා කළේ හදිසි විදුලි මිලදී ගැනීම් මගින් ඩීල් දමා මුදල් ගසා කෑමේ අරමුණින් මේ බලාගාරය පවරාගන්නේ නැතුව දිගින් දිගටම හදිසි මිලදී ගැනීම කරන බවටයි.

ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිනවා මේ බලාගාරය රජයට පවරාගෙන අක්‍රමිකතා වෙන්න තියෙන ඉඩකඩ අහුරන්න කියලා.”

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago