Local

අයහපත් කාලගුණය හේතුවෙන් වසංගත රෝග පැතිරී යාමේ වර්ධනයක් !

පවතින අධික වර්ෂාව හා ජල ගැලීම් හේතුවෙන් වසංගත රෝගවල වර්ධනයක් දක්නට ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

ජල ගැලීම් තත්ත්වය නිසා අපිරිසිදු ජලය හා ආහාර පරිභෝජනය හේතුවෙන් විශේෂයෙන්ම වැඩිහිටියන් හා දරුවන් අතර පාචනය, ඉන්ෆ්ලුවෙන්සා, උණසන්නිපාතය, අතීසාරය වැනි රෝග තත්ත්වයන් විය හැකි බවට ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලා.

මෙකී රෝගයන්හි රෝග ලක්‍ෂණ වශයෙන් අධික උණ, හිසරදය, වමනය, රුධිරය සමග වමනය, බඩේ රුදාව, අධික සෙම තත්ත්වය, විජලනය ආදිය හඳුනාගත හැකි අතර මෙම රෝග ලක්‍ෂණ ඇත්නම් වහා වෛද්‍ය උපදෙස් හරහා ප්‍රතිකාරවලට යොමුවීම වැදගත් බවත් වෛද්‍යවරයා පැවසීය. මෙම රෝග අවදානමෙන් ආරක්‍ෂා වීම සඳහා නිතර පිරිසිදු ජලය පානය, සෞඛ්‍යවත් ආහාර භාවිතය මෙන්ම නිතර විටමින් සී බහුල ආහාර ගැනීම සුදුසු යැයි ද වෛද්‍යවරයා පැවසීය.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago