ෂීක් හසීනා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝග !

349 Views
1 Min Read

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂීක් අසීනා පසුගිය අගෝස්තු මස එරට පැවති මහජන විරෝධතා හේතුවෙන් බලයෙන් පහකර ඉන්දියාවට පලා ගියා. එලෙස පලා ගිය හිටපු අගමැතිනි අත්අඩංගුවට ගන්නා ලෙස බංග්ලාදේශ අධිකරණයක් නියෝග කර තිබෙනවා.

හසීනා බංග්ලාදේශයේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICT) අවශ්‍යව ඇත්තේ, සිය ගණනක් මිය ගිය පෙළපාලි අතරතුර සිදු වූ “මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ” වලට ඇය සම්බන්ධ යැයි සඳහන් වන බැවිනි.

ඒ අනුව හිටපු අගමැතිනියව අත්අඩංගුවට ගෙන නොවැම්බර් 18 වැනිදා ඇයව උසාවියට ​​ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

වසර 20කට වැඩි කාලයක් බංගලාදේශය ඒකාධිපති පාලනයක් ගෙන ගිය හසීනාට අමතරව රටින් පැන ගිය රජයේ හිටපු අමාත්‍යවරුන් ඇතුළු තවත් 45 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටත් වරෙන්තු නිකුත් කර ඇති බව සඳහන්.

77 හැවිරිදි හසීනා බංග්ලාදේශයෙන් පලා ගිය පසු යළි ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැත. ඇයගේ අවසන් නිල ස්ථානය ඉන්දියාවේ දිල්ලි අගනුවර අසල පිහිටි ගුවන් හමුදා කඳවුරක් බව සඳහන්.

Share This Article
Leave a comment