Political

මහ මැතිවරණයේදී අපේක්ෂකයන්ට වියදම් කල හැකි උපරිම මුදල තීරණය කරයි !

මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ට සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා වැය කළ හැකි වියදම් සීමාව නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එක් අපේක්ෂකයකුට වියදම් කළ හැකි වැඩිම මුදල වන රුපියල් පනස් හත් ලක්ෂ පනස් දහසක් (5,750,000) කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින් වෙනුවෙන් ලබා දී තිබෙනවා .

පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට වැය කළ හැකි උපරිම මුදල ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් වෙන් කර තිබෙනවා. ඒ රුපියල් අට කෝටි දාහත් ලක්ෂ තිස් පන්දහස් පනස් පහක්. (81,735,055)

ජාතික ලැයිස්තු අපේක්ෂකයකුට වියදම් කළ හැකි උපරිම මුදල වන රුපියල් තිස් පන් දහස් හයසියය හැත්තෑ හත (35,677) ගම්පහ දිස්ත්‍රික්කය සඳහා වෙන් කර තිබේ.

අඩුම මුදල් ප්‍රමාණය තීරණය කර ඇත්තේ වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය සඳහායි. එහි එක් අපේක්ෂකයකුට වියදම් කළ හැකි උපරිම මුදල වන්නේ රුපියල් දාසය ලක්ෂ හැත්තෑ තුන් දහස් දෙසිය හතලිස් තුනකි.(1,673,243). එම දිස්ත්‍රික්කයේ පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට වැය කළ හැකි උපරිම මුදල වන්නේ රුපියල් අනූනව ලක්ෂ දහතුන් දහස් නවසිය හැටහතරකි. (9,913,964).

එහි ජාතික ලැයිස්තු අපේක්ෂකයකුට වියදම් කළ හැකි උපරිම මුදල වන්නේ රුපියල් හාරදහස් තුන්සිය විසි හතකි.(4,327)සෙසු දිස්ත්‍රික්ක සදහා ද මෙලෙස වැය කළ හැකි උපරිම මුදල තීරණය කර ඇත .මෙම වියදම් වාර්තා ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර දින 21ක් ඇතුළත මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබා දිය යුතුය.

මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කල මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ විධිවිධාන පහතින්,

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago