අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්‍ෂණ කණ්ඩායම් කිහිපයක් දින තුනක් තිස්සේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සොයා මෙහෙයුම් සිදුකර තිබෙනවා.
මේ වන විට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් ද පනවා තිබෙනවා. කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ මෙහෙයුම් වලින් ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් ඊයේ වනතුරු ලැබී නැති බව වාර්තා වනවා. ඔහු පදිංචිව සිටින නිවස හා රැඳී සිටින ස්ථාන සියල්ල පරීක්ෂා කළද මෙතෙක් කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකිව තිබෙනවා.
නීති විරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිතා කලේ යැයි එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ප‍්‍රකාශයක් ලබා ගැනීමට ඔහුව රහස් පොලිසියට කැඳවා තිබුණා.
ඒ අනූව හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ,තමන් අසනීප තත්ත්වයක පස්වන නිසා ප්‍රකාශයක් ලබා දීමට වෙනත් දිනයක පැමිණෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙනුම් දී තිබුණා.
කෙසේ වෙතත් තමන්ට වෙනත් දිනයක් ඒ සඳහා ලබා දෙන ලෙසද ඔහු තම නීතිඥවරුන් මාර්ගයෙන් රහස් පොලිසියෙන් ඉල්ලා තිබිණි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…