ප්‍රවීණ රංගනවේදිනි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් වාහනය සම්බන්ධයෙන් නියෝගය ලබන දෙසැම්බර් මස 11 දින ලබා දෙන බව කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි අද (16) දැනුම් දී තිබෙනවා.
අදාළ වාහනය දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා විසින් තවත් පාර්ශ්වයක් විසින් හිමිකම් කියන ප්‍රශ්නයත් මත මෙම නඩුව ගොනු කර ඇති අතර එම වාහනයට හිමිකම් කියන පැමිණිලි සහ විත්තිකාර පාර්ශ්ව වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරුන් දිවුරුම් ප්‍රකාශය මගින් අධිකරණය හමුවේ කරුණු ගොනු කර ඇත.
මෙම වාහනය තම සේවාදායකයා මුදල් ගෙවා බේරා ගත් වාහනයක් බවත් එහි සන්තකය එය අයත් ලීසිං සමාගමට බව නීතිඥවරයා අධිකරණයේ අවධානයට යොමු කළ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය නොමග යවමින් කටයුතු කරන බවද අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.
නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදා හැර ඇති සැකකරුවන් දෙදෙනා අධිකරණයේ පෙනී සිටියා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…